රන් පැහැයේ විවිධ ප්‍රබේධයන්ගෙන් විචිත්‍රවත්ව ඇති සැඳෑ අහසේ රෝස පැහැ වලා කැරලි පාවීයයි. බැල්කනියෙන් එපිට ඇහැළ ගසේ පිපී ඇති කහ පැහැති මල් කිනිති සුළඟට ඒ මේ අත පැද්දේ. ගිලිහෙනා මල් පෙති සුළඟට එක්ව නාගරික වාතලයට එක් වන්නේ, දහවල අව් රශ්මියෙන් බැටකෑ වහල පෙළට උඩින් ඉගිලෙනා සමනලුන් රෑනක සිරි ගන්වමිනි.ඈතින් මහපාරේ සුපුරුදු ගාලගෝට්ටිය ඇසෙයි.මේ අතර රිය හඬ පරයවමින් නැගී ආවේ වයලීනයක නාදයකි. වරදිමින්, විටින් විට නවතිමින් කව්රුන් හෝ ආධුනික වාදකයෙක් "දිය ගොඩ සැමතැන" ගීතය වාදනය කරයි.
"හාපෝ! ඔන්න අදත්
පටන්ගත්තා කංකරච්චලේ!!"
පාඩම් කරමින් සිටි
රසායන විද්‍යාව පොත වසාදමා නැගීසිටිමින් හර්ෂ් පැවසුවේය. බොහෝ කලක පටන් මටත් මගේ මිතුරන්
වන හර්ෂ් හා චතුරංගටත් අපේ පාඩම් කිරීම නාමයෙන් දියත්වන, විවිධවූ මනෝ ලෝකවල කරක්ගැසීමේ කර්තව්‍යට මේ වයලීන්
වාදනය බාධා ඇතිකලේය. එසේම
සෑම දිනයකම මේ අයුරින්ම හර්ෂයා ඒ පිලිබඳව මැසිවිළි නැගුවේය.
"මචං යටේ.. මේ වැඩේ හරියන්නෙ නෑ බන් හැමදාම.. මම කියන්නද වැඩක්.. උඹ බැල්කනියට ගිහින් ඔය තාලෙට නටපන්. එතකොටවත් ඔය කරච්ච්ලේ නවතී.."
චතුරංගයාගේ කතාවට අපි තිදෙනාම සිනාසුණෙමු. මේ අතර,අපිට ලැබුණු තේ කෝප්පය රස බැලීමට අපි බැල්කනියට ගියෙමු.. පාසලේ දී වුනු විවිධ දේවල් පිළිබඳව අපි කතාකරමින් සිටි අතර, එකවරම හර්ෂ් "මචං අර බලපන්.. වයලින් එක ප්ලේ කරන්නෙ කෙල්ලෙක් බන්!!" යි පැවසුවෙන් අපි එ දිශාවට නෙත් යැව්වෙමු.
මෙතෙක් අපි නොදැන සිටි රහසක් ඒලෙසට හෙලිවිය...අප සිටි නිවසට නුදුරින් වූ නිවසක, විශාල ජනේලය අසල වාඩිවී,ගී තණු පොතක් දෙස බලාගෙන වයලීනය වයන්නේ හුරුබුහුටි යුවතියකි.ජනේළයෙන් පෙරීඑන රන්වන් හිරුරැස් ඇයමත වැටී ප්‍රභාවක් අතිකලේ, ඇය අහසින් පොලොවට සැපත්වූ සැඳෑ තරුවේ සිරිය ගෙනදෙමිනි..

"කෙල්ල නම් ලස්සනයි
නේ බන්?"
මම අනිත් දෙදෙනාගෙන්
ඇසුවෙමි.
"මොකක්ද බන් අර
ඔලුව දාගෙන ඉන්නෙ? ස්කාෆ් එකක් නේද?
හෝ ලෙසි නෑ පුතේ"
චතුරංගත් සිනාසෙමින් පැවසුවේය.
"උඹ මෙච්චර කාලයක්
මෙතන හිටියා... දැනගෙන හිටියෙ නැද්ද බන් මෙයා ගැන? අපෝ ගෝතයා.." හර්ෂ් පැවසුවේ මේ අලුත් මාතෘකාව
පිළිබඳව වැඩි උනන්ඳුවක් දක්වමින් මට බැනවදිමිනි..
"මාර කතාවක්නෙ බන්
ඒක!! උඹ හිතන් ඉන්නෙ මම මෙතෙන ඉන්නෙ අහළ පහළ කෙල්ලන්ගෙ කැරැක්ටර් සෙටිෆිකට් එකතු කරන්න
කියලද?"
මේ අතර අහම්ඹයෙන්දෝ
ඇය අප සිටි බැල්කනිය දෙස බැලුවාය.ඒ විගසම හර්ෂ් හඳ මාමා මෙන් කට පලල් කර දත් 32ම පෙනෙන්ට දැමූ සිනාව නිසාවෙන්දෝ
ඇය එකවරම එතැනින් නැගිට ඉවතට ගියාය.
"අනේ බන්.. එයා ගියානෙ?!" බලාපොරොත්තු සුන් වූ විලාශයෙන් හර්ෂ් පැවසුවේය.
"අනේ බන්.. එයා ගියානෙ?!" බලාපොරොත්තු සුන් වූ විලාශයෙන් හර්ෂ් පැවසුවේය.
"නැතුවෑ,
කිකිළියෙක් දැකපු නරියෙක්
වගේ උඹ විරිත්තුවාම ඒ කෙල්ල බයවෙන්න ඇති" චතුරංග පැවසුවේය.
"අයියෝ..ඒ නංගි
අයෙ එන එකක් නැද්ද දන්නෙ නෑ වයලින් එක ප්ලේ කරන්න.." යි හර්ෂ් පැවසූ බැගෑපත් ස්වරයට
අපිට සිනා නොවී සිටින්නට නොහැකිවිය..
"හා..හා..හා..හා..
දන්නෑ..හිටපන් මම අහල එන්නම්.. මෙච්චර කාලයක් මූ කරච්චලේ,කරච්චලේ කියල බෙරිහන්දුන්නා.." හර්ෂයාට පහරක් ගසමින් මම පැවසුවෙමි.
"ඒ ඒ.. මගෙ නංගිට
මොකුත් කියන්න එපා හරි!! එහෙම තමයි..වැරදි
වැරදි තමයි ඉගෙනගන්නෝනෙ." යි හර්ෂ් වඩාත් අවදාරනයෙන් පැවසූආකාරයට අපි නැවතත් සිනාවෙන්
පුපුරා හැලුනෙමු.
"අයිතිකාරි ගෑනු පරාණයක කියලා දැනගත්තා විතරයි මූට නැති නෑකමුත් පහලවෙලා. ඇයි දැන් එහෙ ඉන්නෙ උඹලගෙ බාප්පොච්චද?" චතුරංග මඩ ප්‍රහාරයක් එල්ල කලේය.
"අයිතිකාරි ගෑනු පරාණයක කියලා දැනගත්තා විතරයි මූට නැති නෑකමුත් පහලවෙලා. ඇයි දැන් එහෙ ඉන්නෙ උඹලගෙ බාප්පොච්චද?" චතුරංග මඩ ප්‍රහාරයක් එල්ල කලේය.
"ඕකනෙ බං උඹලත්
එක්ක මොකුත් කරන්න බැරි.උඹලා හැමදේම විහිළුවට ගන්නවනෙ..යටේ,අහපං...මටනම් ඒ කෙල්ලව
සිරාවටම වැදුනා බං.මතක් වෙද්දිත් මොකක්දෝ වෙනවා..අනේ මචං මේකටනම් මට ෆුල් සපෝර්ට් එකක්
දියන්"
"හරි හරි..අපි ඉස්සෙල්ලම
උඹව දොස්තර කෙනෙක් ලඟට එක්කන් යන්නම්.උඹේ ශිරාවකට මොකක්ද උනා කිව්වෙ.." යලිත්
චතුරංග සිනසෙමින් පැවසුවේය..
"ඔය ඉතින්.. ආයෙමත් උඹට විහිළු.. ඉස් ඉස්සෙල්ලම අපි එයාගෙ අවධානය ගන්න ඕනෙ.." හර්ෂ් නැවතත් බැරෑරුම් ස්වරයෙන් පැව්සුවේය.
"ඔය ඉතින්.. ආයෙමත් උඹට විහිළු.. ඉස් ඉස්සෙල්ලම අපි එයාගෙ අවධානය ගන්න ඕනෙ.." හර්ෂ් නැවතත් බැරෑරුම් ස්වරයෙන් පැව්සුවේය.
"උඹ ඉතින් අද අපූරුවට
අර අවධානෙ ගත්තෙ..පුදපු ගමන් අම්බිලිමාමා වගේ කට බලියල හිනා වෙලා. ඒ ලමය බය වෙන්නඇති..ආයෙ
කාලෙකට එන එකක් නෑ ඔතෙන්ට.." මම පැවසුවෙමි.
"හරි, හරී..අපි බලමුකෝ!!"
ඉතින් ඒ ලෙසට අමුතුම
විදියේ ආදර අන්දරයක් ආරම්භවුනි.හර්ෂ් ඒ නාඳුනන යුවතියට පෙම් කරන්නට පටන්ගත්තේ,
ආදරය සම්බන්ඳව අපි දන්නා
කියන අර්ථදැක්වීම් බොහොමයක් සත්‍ය බවට සනාථකරවමිනි.
අපි අනුමාන කලා හා සමානවම ඇය දින කිහිපයක් වයලීනය වාදනය කිරීමට ජනේලය අසලට පැමිනියේ නැත. හර්ෂ් ඒ දින කිහිපය ගතකලේ බැල්කනිය අසලමය.සිව් වන දිනයේ අපට හුරු පුරුදු වයලින් වාදනය ඇසෙන්නට පටන්ගති.එහෙත් ඇය ජනේලය අසළට පැමිනියේ නැත.

"මචං වයලීන් සද්දෙනම්
ඇහෙනවා..ඒත් නංගි පේන්න නෑනෙ.." හර්ෂ් නොයිවසිල්ලෙන් බැල්කනියේ සිට එහෙන් මෙහෙන්
එබෙමින් පවසයි.සැබවින්ම ඇය අපිට වඩා වයසින් වැඩිද, අඩුද, සම වයසේද යන්න අපි නොදන්නෙමු.ඇය පෙනුමින් ලාබාළ
නිසාවෙන් හර්ෂ් ඇයට 'නංගි' යි නම ඈඳගත්තා වියයුතුයි.
"හිටපන්..මට පොඩි අයිඩියා එකක් ආවා.." මගේ සිතට නැගුනු විකාර අදහසක් මම අනික් දෙදෙනාටත් පැවසූ අතර,ඔවුන් හිස්මුදුනෙන්ම එය පිලිගත්තේය.ඒඅනුව අපි වහ වහා ක්‍රියාත්මක වුනෙමු..කොහේදෝ මුල්ලක මකුලුවන්ගේ තනි රකිමින් සිටි මගේ ගිටාරය අපේ පිහිටට පැමිනියේ ඒ අනුවය.හර්ෂ් දක්ෂ ගිටාර් වාදකයෙකි..ඒ අනුව හර්ෂ්ග්වි 'නංගී' වාදනය කරන ගීතයම හර්ෂ් බැල්කනියේ සිට වාදනය කරන්නට පටන්ගත්තේය.මමත්,චතුරංගත් පැත්තකට වී මේ සෙල්ලම බලාසිටියෙමු. මේ අතර වහාම තම වාදනය නවතා දැමූ ඇය,ජනේලය අසලට පැමින, හර්ෂයාට ඔරවා, ගස්සාගෙන ඉවතට ගියාය.

"හා හා හා හා..
මොකෝ උඹේ සඳෑ තරුවට තරහ ගිහින්ද කොල්ලෝ? " මම සිනාසෙමින් හර්ෂයාගේ පිටට තට්ටුවක් දමමින්
ඇසුවෙමි.
"අනේ එයා තරහ උනාද දන්නෙ නෑ බන්!! අයියෝ!!" කලබල වෙමින් හර්ෂ් පැවසුවේය.
"අනේ එයා තරහ උනාද දන්නෙ නෑ බන්!! අයියෝ!!" කලබල වෙමින් හර්ෂ් පැවසුවේය.
"ඇයි තරහවෙන්න උඹල
දෙන්නා යාළු වෙලා හිටියද?" චතුරංගත් පැවසුවේ
සිනාසෙමිනි.
කෙසේහෝ මේලෙසට
දින කිහිපයක්ම හර්ෂ් ගිටාරය වාදනය කලේය.පළමු දින කිහිපයේ සිදුවුනේ ඇයගේ කෝප සහගත රැවීමකට
හර්ෂයා ලක්වීම පමනි.එහෙත් දින කිහිපයකට පසු ඇය හර්ෂ් සමගම එකවිට වාදනය පටන්ගත්තාය.
පසුදිනයේ හර්ෂ් අමන්දානඳයට පත්කරමින් ඇය ජනේලය අසලටම පැමින වාදනය පටන්ගත්තාය.මීලඟ දිනයේ
ඇය ප්‍රථමවරට හර්ෂ් සමග සිනාසුනාය..සැබවින්ම ඒ මොහොතේ කළබලවූ හර්ෂයා බැල්කනියෙන් පහලට
පැනීමට දැරූ ප්‍රයත්නය වලක්වන්නට අපට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.
ඔවුන්ගේ මේ සංගීත සන්දර්ශනය පිළිබඳව අපේ නිවසේ අයනම් දැරුවේ වෙනස්ම අදහසකි..
ඔවුන්ගේ මේ සංගීත සන්දර්ශනය පිළිබඳව අපේ නිවසේ අයනම් දැරුවේ වෙනස්ම අදහසකි..
"ආහ්,, ගිටාර් ගහන හැටි වෙන්නඇති
නේද විභහගෙට එනවා ඇත්තෙ."
"දැන් සිංඳු කියල
එදාට නටන්නයි වෙන්නෙ පුතේ.."
ඒ කෙසේ නමුත් හර්ෂ්ගේ
උත්සාහයනම් සාර්ථකවුනි.ඉන් පසු ඔහු ගිටාර් වාදනයනම් නවතා දැමූ අතර, සැඳෑ තරුව සමඟ සිනාසෙමින්,
ඉඟිබසින් අදහස් හුවමාරුව
ආරම්භවූ අතර බලාසිටි අපටනම් මෙය බිම පෙරලෙමින්,නැවත නැවතත් මතක් කර සිනාසෙන්න්ට මගපෑදූ සිදුවීම්
පෙලක ආරම්භයවුනි.
"මේ ඔය වැඩේ හැමදාම
හරියන්නෙ නෑ බං..උඹල නිකම් අඳ ගොළු බීරි ජොඩුවක් වගේ හැමදාම ඉන්නද හිතන් ඉන්නෙ?"
මම දිනක් හර්ෂ්ට පැවසුවෙමි.
මම දිනක් හර්ෂ්ට පැවසුවෙමි.
"ඒක ඇත්ත බන්..එක්කො
එයව මිට් වෙන්න විදියක් සෙට් කරගනින්.." චතුරංගද ඊට පොහොර දැම්මෙන් ඒ අදහස වහා
ක්‍රියාත්මකවුනි.
"වැඩේ හරී!!!!!!!!!!!...
හෙට උදේ එයා ඉස්කෝලෙ යන වෙලාවට මට එයාව මීට් වෙන්න එන්න කිව්වා!!" හර්ෂ් ප්‍රීති
ප්‍රමොදයෙන් උතුරායමින් පැවසුවේය.
"සිරාවට?
එළ! එළ!!.."
"කොල්ල දසයා නේ
බන්.. දැන් ඉතින් කතා කරන්න එවා ලෑස්ති කරගනින්" අපි ඔහුට සුභ පැතුවෙමු.
මේ කාලසීමාවේ අපට අද්‍යයන කටයුතු සඳහා පාසල් නිවාඩු ලැබී තිබුනි. එබැවින් පසු දිනයේ ඇයව මුනගැසීමට යාමට අපටනම් ගැටලුවක් නොවුනි.ඉතින් මහ පාන්දර පටන් අපිව විටින් විට අවදිකරවමින් ,සැදි පැහැදී සිටි හර්ෂ්ද සමග අපි ඇය එන මග බලාසිටියෙමු..උදෑසන අටත් අපසුවුනි.ඇය තවම නැත.ඉතින් යලිත් මහා බලාපොරොත්තු කඩවීමකට ලක්වී කුනාටුවකට හසුවූවක් මෙන් මුහුන සාදාගෙන සිටි හර්ෂයාද කැටුව අපි ආපසු ගියෙමු.එදින සවසද ඇය ජනේලය අසලට ආවේ නැත. පසුදිනද, ඊට පසුදිනද ප්‍රතිඵලය එමමය. හර්ෂ් සෑම සැඳෑවකම ජනේලය දෙස අනිමිසලෝචනයක යෙදෙයි.
"මේ හර්ෂ්..මචං උඹ ඔහොම ඉන්න එපා බන්. අපිටත් මාර අප්සෙට් වෙච්චිදේට. මොනවා කරන්නද බන්.. අපි තව පොඩ්ඩක් බලමුකො." මම ඔහු අස්වැසුවෙමි.

"සිරාවට..උඹ න්කම්
ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙ ඔය පැත්ත බලන් හිටියට එ කෙල්ල ඔතන පහලවෙනවෑ..මේ පාඩම් කරපන්
බන්.." ඒ චතුරංගයාගේ වචනයි.
මේලෙසට දින කිහිපයක්
ගතවුනි. හදිසියේ හර්ෂ්ට තම නිවසේ අය සමඟ ඔව්න්ගේ ගමට යන්නට සිදුවුනි. එදින උදෑසන පාඩම්
කිරීමට එකතුවුනේ මමත්,චතුරංගත් පමනි.
"ඇත්තටම ඒ කෙල්ල
ඇයි බන් ආවෙනැත්තෙ? හර්ෂයව බයිට් එකටවත්
අරගෙනද?"
චතුරංග මගෙන් විමසුවේය.
"අනේ මන්දා මචං,දැන් සතියකුත් පහුවුනානෙ...ඒ
නංගි ගැන ආරංචියක්වත් නෑනෙ.." මමත් පිළිතුරු දුන්නෙමි.
මේ අතර අම්මා හදිස්යේම පැමිණ, "පුතේ ඔයාල දෙන්නත් එන්නකො..අපි පොඩ්ඩක් එහ ගෙදරට ගිහින් එමු"යි පැවසුවාය!
මේ අතර අම්මා හදිස්යේම පැමිණ, "පුතේ ඔයාල දෙන්නත් එන්නකො..අපි පොඩ්ඩක් එහ ගෙදරට ගිහින් එමු"යි පැවසුවාය!
අපි දෙදෙනා මුහුණට
මුහුණ බලාගතිමු.එපිට බැලූකල දකින්නට ලැබුනේ 'නංගි'ලාගේ නිවස දෙසට ඇදෙන පිරිසකි. "මචං,
එක්කො එයාලට කරදරයක්..නැත්නම්
මොකක් හරි දානයක් වගේ එකක්!! අපරාදෙ! හර්ෂයත් ඉන්නයි තිබුනෙ" මම පැවසුවෙමි.
"සිරාවට බන්.කමක්නෑ අපිවත් ගිහින් බලමුකො ඇයි එයා අවෙ නැත්තෙ කියල.."
ඉතින් අපි එහි
ගියෙමු.සැබවින්ම මගේ සිතේ තිබුනේද චකිතයකි. ඔව්න්ගේ මිදුල අවටත් පිරිස එක් රැස්වඇත.
අපි දෙගිඩියාවෙන්
නිවසේ ඉදිරි දොරටුවෙන් ඇතුල්වුනෙමු.එහෙත්..ඇතුල්වු සැනින් අපි දුටු දෙයින් අපි දෙදෙනා
ගල්වුනෙමු.......
හතර රියන් පෙට්ටියක, ධවලමය ඇන්දුමකින් සැරසි හර්ෂ්ගේ 'නංගි' නිදාසිටී.මා වටා සියල්ල භ්‍රමනය වෙන්න පටන්ගති,මුලු පරිසරයම නිහඬවී සවන් තුල සිහින් ශබ්දයක් ද්වනිතවුනි..වෙනදා සැඳෑ හිරුකිරනින් දිලෙන වත අද මිලිනව ඇත.වැරදි වැරදී හෝ ගීත වාදනයකල ඇගේ සිහින් ඇඟිලිතුඩු අද නිසලව ඇත.අපසමඟ නොමඳව සිනාසෙන මුවමඩල අද සුදුමැලිව ඇත්තේ සිහින් සිනාවක සේයාවක් කැටයම් කරමිනි. මෙය නම් අදහාගතනොහැකිය..උණු කඳුළු කැට කිහිපයක් කඩා වැටෙද්දී මම අසල පුටුවකට වැටුනා මට යන්තම් මතකය.සිහිනයෙන් මෙන් මගේ හිසතුල අවටින් ඇසුනු වදන් පෙලක් දොංකාරදුනි..
"..ඒ ළමයගෙ පිළිකාව තිබිලා තියෙන්නෙ ඔලුවෙලු.."
"..ස්කාෆ් එකක් දාගෙන් හිටියෙ.."
"...හොඳටම අමාරු වෙලා ඉදිත්දිත් මෙයා දවස් කීපයක්ම උදේ ඉස්කෝලෙ යන්න අහල ඇඬුවලු.."

මෙතෙක් කල් හිරු
එලියේ දිලෙමින් හඬ නැගූ ඇගේ පුංචි වයලීනය අද නිහඬව පුටුවක් මත තිබෙන්වා මම බොඳවූ දෑසින්
දුටුවෙමි.. අපේ පුංචි සැඳෑතරුව,නොසිතු නිමේශයක,
මළ හිරු බැසයන ගොම්මන්
අහසට අඳුරදී සදහටම සැඟවගොස් ඇත..
(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි )
(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි )
~දිවියා~

No comments:
Post a Comment