බස් රියකි දිනපතා..
මහනුවර කරා ඇදෙන..
සජීවී salmon
tin එකක් සිහිකරයි
පසුකරනකල ගුවන්තොටුපොළ.
තෙරපෙමින්,ඇඹරෙමින් යයි.
මගී ජනයා ආයාසයෙන්..
එහෙත් පායනාසේ සඳ මඩල,
කපාගෙන කළුව පෝදා අහස..
ඇය නැගෙන සඳ නැවතුමෙන්..
එකළු වීයයි සිව්කොනම..
සඳෑ හිරුරැස් වැටී දිලෙනා
ඇගේ රන්වන් පැහැති මුහුණේ..
තාරකා මෙන් කැළුම් පතුරයි,
දුඹුරුවන් දිගු දෑස ඈගේ....
කාලවර්ණය අරක්ගත් කෙස්කලඹ
රැළි නගයි මහ සයුර වාගේ...
සැබවින්ම මට දෙව්ළියකි නුඹ,
අළුයම හමාඑන සුළඟවාගේ..
තෙරපුනත් දහසක් පිරිස මාමත
ඇඹරුම් යන්ත්රයක් සිහිවුනත් විටෙක,
දකිනකළ රසඳුනක සිරියදෙන නුඹෙ රුව
පාවයයි මගේ සිත තව්තිසා දෙව්ලොවට..
එහෙත් අද නොසිතුලෙස,
රාහුළෙක් පහළවිය..
පර්වථ රාජයෙකි වාඩිවී ඇය සමඟ.
හෙන ගැසූකලක් සිහිවෙයි දකිනකල,
ඉලිප්පී ඇති උගේ හිසකෙස්.
මිනී ඔලුවක් සලකුනු කෙරුනු
පච්චයක් ඇත එක් බාහුවක්මත.
වෙනදා දුරින්හිඳ හෝ සිනාසෙන,
සිතුවමක් වන් නුඹේ මුව..
අද මුවාවී , තුරුළුවී ඇත
මස්ගොඩක්වන් උගේ එක් උරහිසක..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
පෙනහළුද ඇදෙනතෙක් එලියට,
සැලුනි සුසුමක් ඉබේටම...
සැඟවුනු කලෙකමෙන් සුපුන් සඳ
වෙලාගත්තා අඳකාරයෙන් මගේ සිත
දෙව්ළියක්වන් සොඳුරු යුවතියක..
කෙසේ නම් සිතන්නද
අයිතිබව රකුසෙකුට!!!
පරාජිතයෙක්මි මම
යලිත් පෙම් කතාවක...
හැකිවුවත් යන්නට වෙලාවට කලින්..
බලාහුන්නෙමි මහනුවර එනතුරා..
දුරින් හිඳහෝ නුඹ දකින අටියෙන්..
යන්නට තවත් එක් නැවතුමක් හෝ,
කතා කරනා නුඹේ නෙත් දෙස බලා..
තවත්නම් බැහැ ඒලෙස පතන්නට..
යන්නට සිතෙනවා මහපොළොවපලා..
සිහිනෙන්ද දුටුවමුත් ලබන්නට නුඹේ අත.
ඇන්දමුත් නුඹේරුව පිටුගනන් පුරාවට,
ආදරය පිරුණු ඔය නුඹේ හද මඬල මත..
වරම්නැත අඳින්නට මගේ රුව ඒලේසට...
~දිවියා~

"එහෙත් අද නොසිතුලෙස,
ReplyDeleteරාහුළෙක් පහළවිය.."
රාහුලෙක් කියන්නේ මොකද්ද බන්???
අදහස එළ...
(හොඳ අඹ කන්නේ පණුවෝලු නේ...) :D
:) ඒකනම් සහතික ඇත්ත මචං.. මේකයි ඒ වචනෙ මම දැම්මෙ "භාධාවක්" කියන එක ඒත්තු ගැන්වෙන්නයි...
Deleteගැලපෙන්නෙ නැද්ද දන්නෙනෑ :(