Wednesday, January 16, 2013

දිවියාගේ සිතුවිල්ල





අහස් ගැබ සිසාරා
සුදු වලාකුළු කැටිති පාවෙයි..
අභියෝග කරමින් වලාකුළු වෙත
උකුස්සෙක් ඒ දෙස පියාඹයි..
නිල්වන් තණ පලස මත
වාඩිවී අලස ලෙස..
බලාසිටියෙමි, අරමුණක් නොමැත,
පාළුවෙන් පිරුණු හිස් අහස දෙස
පෙර දිනක මා ළඟ තුරුල්වී
සුරතේ වෙලී පෙම් බස් දෙඩූ,
විටෙක අහින්සක ලෙස සිනාසී
විටෙක උර මත ඉකිබිඳ හැඬූ...
නුඹ ගැනම ලියූ මතක පිටු පෙරළී
සිහිවෙයි සිහින පෙරදා මැවූ..
විරහ සිතුවිලි වෙලී පැටලී
සිත නුඹව විමසයි කවිපද මැවූ..
මා නැතිව නුඹ කෙසේනම් හිඳින්නද?
සිතුනමුත් මට දින ගණන් වරින් වර..
මා නිසාවෙන් නුඹ දැවුනු ඒ ගින්දර,
අවසානයේ නිවන්නට ලැබුණි වර..
පිසදා කඳුළුකැට නෙතගේ දිලෙන
අලුත් ජිවිතයකට පියවර තබනුමැන..
හැකිළී තිබූ නුඹෙ පියාපත් දිගහැර..
අනන්තේ සිසාරා පියාසර කරනුමැන
ඈතින් පාවයන වලාකුළු සමඟ,
තනිකමේ දවටා පාළුව වැළඳගෙන
අගුල්ලා සිරකර දමන්නෙමි මගේ සිත
සඟවමි යතුර තෙරක් නැති අගාදෙක..
නුඹ නිසා හීලෑව විවරවූ මගේ හද
යළිත් තදකර,පාෂාණභූතකර...
තනිව සරමින් දඩයම් කරන
දිවියෙකු විලසින්ම මෙයින් මතු හිඳිමි මම....

                                                                           ~දිවියා~