Saturday, September 29, 2012

අනන්තේ සිසාරා පියාඹන්නට....






පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා....
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා....
අනන්තේ සිසාරා රහසේමා...
  පියාඹන්න ආසයි ඔබ හා මා..."

බස් රථයේ රේඩියෝව නඳදෙයිසුපුරුදුලෙස ආසනයේ වීදුරුව අසල වාඩිවි මම ගීතයට සවන්දෙමින් ගමන්කළෙමි.

"ඔයා කැමති කාත් එක්ක පියාඹන්නද?...."

මා වාඩිවීඋන් ආසනයට පිටුපසින්වූ ආසනයේ වාඩිවීඋන් යුවතිය ඇසුවායනැත මගෙන් නොව,ඇගේ පෙම්වතාගෙන්..ඒත් සමගම මගේ මනසද නොදුරුඅතිතයේ පිටු පෙරලන්ටවුණිගිලෙන්නට ගිය මිනිහා පිදුරුගසේ එල්ලෙන්නාක්මෙන් කල ක්‍රියාවක් නිසාවෙන් අසරණහදවත ගිලන්වුණිඑහෙත් එය හදවතේම තීරනයක් අනුව ගත් පියවරකි.. මම ඇයට (තවත් එක්තරා ඇයකට) "පියාඹන්න ආසයි"ගීතය ලස්සන බව පැවසුවෙමිඇයද ඉහත පෙම්වතිය ඇසූ ප්‍රශ්නයම මගෙන්  ඇසුවාය.

"..එක්කෙනෙක් එක්ක.."
"
ඉතීතීතීන්... කව්ද....?" ඇය ඇද පැද ඇසුවාය.
"
අර අරයා... ඔයා දන්නෙ නැද්ද?"...
"
කවුද??!!"
"
දැන් ඔය මාත් එක්ක කතාකරන පණ්ඩිත ආච්චි අම්මත් එක්ක"....
මෙයට අපි දෙදෙනාම සිනාසුණෙමුපිටින් බලන කෙනෙක්ට එහි සිනාසෙන්ට තරම් දෙයක්  නොපෙනෙනවා වෙන්නටඇති.. එහෙත්  සියුම් විහිළුවෙන් අපි යම්කිසි රසයක් වින්දෙමු..

"
ඔව් ඔව්.. ඔයාට දැන් ඉතින් අපිව පේන්නෙ ආච්චිලා වගේනේ.."
ඇය බොරු තරහක් මවාගෙන පවසයි.
"
නෑ ඉතින්ඔයා හරි පණ්ඩිතයිනෙ..සමහර වෙලාවට ඔයා මට බනින්නෙ මගෙ ආච්චි අම්මා වගේ තමයි"
"
එහෙම තමයි..නංගිලා අය්යලා ගැන බලන්න ඕනෙ.."
"
හොඳයි හොඳයි.." මමත් සිනාසෙමින් පැවසුවෙමි..
"
මේ මේ ඒකනෙවෙයිඅර මගෙ යාළුවා..අර ඔයාව දැකල තියෙනව කියපු එක්කෙනා.. එයා කියනවා  ඔයා ටිකක් රිතික් වගේ කියලා.. මේඉදිමෙන්න එපා ඒක අහල හොඳඳ..ටිකයි එයවගේ කිව්වෙ.."  ඇය සිනාසෙමින් පවසයි.
"
අනේ පව් අසරණී.. එයා කණ්ණාඩි දාන්වද?"
"
නෑ.. ඇයි ?"
"
එහෙනම් කියන්නකො එයාට හොඳට පේන කණ්ණාඩි දෙකක් දාගෙන එන්න කියලා..මම එයාව රිතික් ඉන්න ෆිල්ම් එකක් බලන්නඑක්කන් යන්නම්.."
"
... තව මොකුත් එපාදහරි ආස ඇති වෙන ගෑනුළමයි එක්ක ෆිල්ම් බලන්න යන්න.."
"
ආසයි බයයි.."

ඊට යළිත් අපි දෙදෙනාම සිනාසුණෙමු.සිහින් සිනා හඬක් ඇසී මම යළිත් පියැවි ලොවට එළඹියෙමි
 සිනා හඬ පිටුපස අසුනේ සිටි පෙම්වතුන්ගෙනි.තවත් එතන සිටියෝතින්වැලලූ අතීතය ගොඩ එන 
බැවින් මම වෙනත් අසුනකට මාරු වුණෙමි.එසේය..මටනම් පැතු පෙම් පැතුම් මල් ඉහිරී අවසානය.. 
 හරිත පැහැයඅරක්ගත් වෙල්යායගොම්මන් අඳුර සක්මන් කරන රබර්වතුපාළුව රජකරන සොහොන් පිටි 
පසුකරමින් බස් රථය ඇදීගොස් අවසානයේ මගේ ගමනාන්තයට ලඟාවුණි.  හුදකලාව සමඟ අත්වැල් 
බැඳගෙන මම නිවෙස බලා පිය මනිමි.. මේ මාර්ගය..එදාමෙන් නොව.. වෙනස්වීඇත.. එහෙත්..වෙනස්වී
 අත්තේ මාර්ගයදඑසේත් නැතිනම්……….මමද?...

~දිවියා~

3 comments:

  1. එළ.. එළ.. ඔහොම යමු... ඉස්කෝලේ කාලේ වගේ උඹේ ලියමන් කියවන්න තාමත් හෙන අමාරුවක් තියෙන්නේ. ඒ කාලේ වගේ නිතරම හමු නොවන නිසා මේ විදිහ දාහෙන් සම්පතක්..

    දිගටම ලියමු...

    ReplyDelete
  2. අනිවාර්යෙන් සහෝදරයා..... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු...

    ReplyDelete
  3. ඉර නැගෙනහිරින් පායනවා......
    බස්නාහිරින් බැස යනවා....
    ඒත්..... ඇත්ත ඒක නෙමෙයි
    ඉර එක තැන.....
    ලෝකය කමා කැරකෙන්නේ......

    ReplyDelete