රාත්රිය...
බියකරුය විටෙක..
සොඳුරුය එක් පැතිකඩක්
බලන විට..
මම සිටිමි මුහුද
අද්දර..
මහ පාර ලඟ..සිටගෙන
තනිව...
බස් රියක් ඇදෙන
තුරු...
තවත් අයෙකි මා
මෙන්ම තනිව..
පහන් කණුවක් යට..
දුහුල් ගව්මකි
ලෝහිත පැහැය මුසුවුනු..
ඇගේ ගිනිගත් ගත
වසාලන...
මා නොදන්නා යම්
දෙයක් ඇත
ඇගේ ගිනිගත් සිත
පසායන..
කලු පැහැති අත්
බෑගයකි..ඇගේ සුරතේ..
එහෙත්පොඩි නොවේ
ඇය කරන මේ දේ..
නිසා ඇතිවන අකුසලය
මහත්...
ලස්සනයි නුඹ...
පිපුනු පියුමක්
ලෙසට ජලයේ..
එහෙත් නැත එය සුවඳ
දෙන්නේ..
සුවහසක් බඹරු රොන්
උරන්නේ..
දැනුදු කැරකුනත්
කිහිපයක් ඇය වටා..
නැත ඇය උන්ට එකඟ
වූයේ..
නැවතුනා Land Rover රථයක්
ඌර්ධවපාතනයවුනා
ඇය රහසේ..
දහසක් සමග යහනකට
ගියත්,
සැබෑ සැමියෙක්
නොමැති ලඳුනේ..
මොණර කොලයට සුපිරිසිදු
වූ..
ආත්මය නුඹෙ පූජකෙරුවේ..
කිමද හේතුව කියාපන්
මට...
සොයුරියේ නුඹෙ
හදෙහි උරුමේ...
~දිවියා~

අන්ධකාර රාත්රිය...
ReplyDeleteනුඹ ම
වසන් කළ
නුඹේ ම දියණියක ගේ
විලාපය...
වසන් කලත් නුඹ එක් දියනියක්..
Deleteතවත් නුඹ වැනිම ආත්ම...
කොතෙක්නම් සිටිනුඇත්ද....
කුමක් හෝ පිලිතුරක් නැති
කඳුල හා සුසුම් මැද.......
එළ.. එළ.. මේක මම සෑහෙන ආස කරපු කවියක්. මේ මාතෘකාව ගැන මොනවා හරි ලියන්න හිතුන හැම වෙලවකම මතක් වෙනව මට. ඊට සමන එකක් ලියවෙයි කියලා හිතුන නිසා, මම ලිවෙ නෑ..
ReplyDeleteඔහොම යං...
හා හා හා... ඇත්තට ඒ කෙල්ල අද කොහේනම් ඇත්ද... තවත් ඔය වගේම ඇයක් ගැන මම කවියක් දාන්නම්...
Delete