පළමුව සිහින් රේඛා පෙළකි නුඹ
හැඩවෙමින් එකිනෙකට යාවූ..
දෙවනුව සායමින් පිරිමැදෙයි නුඹ
සිත් ගැබේ උපන් සිහිනයක බඳුවූ..
මුකුලිතව තිබෙන රෝස සකුරා,
මලක් පරදයි නුඹේ දෙකොපුල්..
සුළඟ සමගින් පෙමින් වෙලිලා,
දඟකරයි ඇගේ ලිහිල් කෙහෙරැල්..
අලුයමේ මිහිඳුමත් සමග අරුණෝදයත්,
සිහිකරයි කාන්තිය විහිදුවන ඇගේ නෙත්..
......මොහොතකින් ඇසිපිය
සලන්නට වන ඇය!!!!.......
දෙනෙත් පිසදා යළිත්
බැලුවත්,
......තවම මා හා සිනාසෙයි
ඇය!!!!............
නිමෙෂයකින් සේදවන් ඇගේ,
සුරත පැටලී ලියවැලක් වගේ..
සකුරා මලින් ගැවසි පෙත්මගේ...
ඇවිද යනවා සිහිනයක් දිගේ..
නැවතුනෙමු අපි කඳුගැටිත්තක
නිල් අහසපුරා තාරකා පිපී ඇත..
පාව යන මල් සමග මද සුළඟ තරඟයක
ඇගේ නෙත් මගේ නෙත් එකම පෙම් කථාවක..
සැබවින්ම ඇය සොඳුරු දෙව්ලියක්මෙනි
ඇය මගේ දෙස බලා කෝල ලෙස සිනාසුණි..
ඇගෙ සුරත කෙමෙන් මගෙ මුහුණ වෙත ළඟාවුනි
එකවරම ශබ්දයක්,සිසිලසක් ජනිතවුනි!!!..
සායම් දියකෙරූ පීරිසිය මත මගේ,
මුහුණ ගැටිලා,සායම් තැවරිලා..
ඒලෙසට නිමවුනා සිහිනයක් මගේ.
නමුත් තවමත් ඇගෙ පුංචි මුහුණේ..
ඇඳුණු විකසිත සිනාවකි ඇත්තේ.........
~දිවියා~

"නමුත් තවමත් ඇගෙ පුංචි මුහුණේ..
ReplyDeleteඇඳුණු විකසිත සිනාවකි ඇත්තේ"
ඇඳුනු සිනාව උපහාසයෙන් නැඟුනු එකක් ද?
නැත්තම් බලාපොරොත්තු තියාගන්න කරන ආරාධනාවක් ද?
:-D ඒක දන්නෙ එයාම තමයි ඉතින්..
ReplyDeleteමැලි වුවත් පිළිගන්නට
ReplyDeleteසිහිනයකැයි සබඳ........
සැබෑවක් වී නමි එය
පිය නොවෙයි නෙතු නොවෙද.... ?
^_^ සැබෑවකි ඔබෙ කියමන සොයුරිය..
ReplyDeleteදැක තිබෙන්නේ සිහිනයකි මම..
එහෙත් සැසඳුවොත් සමඟ කුරිරු යථාර්ථය..
සිහිනෙකම පසුවෙන්න සිතේ සිය දහස්වර..