Friday, October 5, 2012

පාලුවේ ගොදුර..



තරුණියකි මා ඉදිරිපිට..
අසුනේ තනිව වාඩිවී සිටින..
ගලායයි කොපුල් මත
නිමක් නැති කඳුලු වැල්!..
"ඇයිද නුඹ හඬන්නේ?"
සිතෙයි මට අසන්නට..
කඳුලු වැල් ගලායයි,
කොපුල් ඇගෙ තෙමාගෙන..
අහසදෙස යොමුව ඇත ඇගේ නෙත් අසරනව..
මා මෙන්ම හදවතේ
එක් කොනක තනිකමින්..
ඇය සිටී පීඩිතව..
තවත් එක් ජීවියෙක් ගොදුරුවුනු පාලුවට..
ශෝකයෙන් පිරීගිය ඇගේ නෙත් දකිනකල..
කියන්නට වචනයක් ඈවෙනුවෙන්..
සිතේ සියදහස්වර
එහෙත් ජීවිතය යනු,
"චිත්‍රපටයක් නොවේ Bollywood!!"
මම තවත් නාඳුනන තරුණයෙකි ඇගෙ නෙතට..
 ඇයත් මා මෙන්ම හුදකලා ජීවියෙකි.
සොයුරිය, තනිව නැත නුඹ..
මේ කුරිරු ලොවතුල,
නුඹ, මා මෙන් දහසකුත් සිටිති
ගොදුරුවී තනිකමට..
පිසිනුමැන නුඹේ ඔය කඳුලු කැට..
ඉසිනුමැන සිනාකැන් ලෝකයට..
අපිට තව හෙටක් ඇත අලුතින්ම හිතන්නට..
කොහේ හෝ කෙනෙක් ඇත ආදරය කරන්නට..
කාලයට ඉඩ දෙන්න සියල්ලම විසඳන්න..
පතන්නෙමි දිගාසිරි සොයුරියේ මම නුඹට!!...
~දිවියා~

7 comments:

  1. තනිකම
    පරණ යාළුවෙක්....

    ReplyDelete
    Replies
    1. වඩාත් නිවැරදිව කිව්වොතින් අපි හැමෝගෙම ලඟම යාලුවෙක්...

      Delete
    2. ලඟම යාළුවෙක්..
      ලඟම ඉන්නකොට ඈත් වෙන්න හිතෙන..
      ඈත් වෙන තරමට ලඟට ගෙන්න ගන්න හිතෙන..

      Delete
  2. මෙකට මම ඒ කාලේ ඉඳන්ම ඉරිසියයි... :-)..

    ReplyDelete
    Replies
    1. :-) ම්ම්ම්....මටත් වෙලාවකට පුදුම හිතෙනව ඒකාලෙ වෙච්චි දේවල්වලට...

      Delete
  3. රෑක මෙලස තනිකම ඔබ වඩිනකොට....
    දැනෙන්නේ හීනයක සිසිලස....
    තනි රකින්නට කවුරැ එන්නද.....
    මාස පෝදා කළුවඑම මිස....

    ReplyDelete
    Replies
    1. සොයුරිය දුක් නොවන්න...
      දෑස රිදවන ආලෝකයට වඩා..
      සිත නිවාලන සිසිල් අඳුර...
      විටෙක සැපතක්මැයි නොසිතේද ඔබට?

      Delete